කොවිඩ් මර්දනයට සොයාගන්නා එන්නත ලොව පුරා සමසේ බෙදී යා යුතුයි
කොවිඩ් 19 වසංගතය මර්දනය සඳහා අන්තර්ජාතික විද්‍යාත්මක සහයෝගීතාව අත්‍යවශ්‍ය බව අවධාරණය කරන ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා එලෙස සාර්ථක කර ගනු ලබන එන්නතක් ලොව පුරා සමසේ බෙදාහැරිය යුතු බවද අවධාරණය කරති.
ඉතාලියේ අගුළු දැමීම මධ්‍යයේ පෙරේදා (3 වැනිදා) වතිකානයේ පුස්තකාල ගොඩනැගිල්ලේ සිය සති අන්ත දේව මෙහෙය හුදෙකලාව පවත්වමින් පාප්තුමා මෙලෙස ඉල්ලා සිටියහ.
වසංගතය හමුවේ සිය සේවාවන් අඛණ්ඩව සපයන ලොවපුරා සෞඛ්‍ය සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත සියලුදෙනාට ස්තූතිය පළකිරීමටද එහිදී පාප්තුමන් විසින් කටයුතු කෙරිණි.
‘ඇත්ත වශයෙන්ම එන්නතක් සහ ප්‍රතිකාර සොයාගැනීම විනිවිද පෙනෙන අපක්ෂපාතී ආකාරයෙන් සිදුකළ යුතුය. ඒ සඳහා විද්‍යාත්මක හැකියාවන් ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම ලෝකයේ සෑම ප්‍රදේශයකම ආසාදිත පුද්ගලයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අත්‍යවශ්‍ය විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමද අනිවාර්ය වේ යනුවෙන් පාප්තුමා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
නයන තරංග ගමගේ
