කොවිඩ් රෝගීන්ට නාවින්න ආයුර්වේද රෝහලට
කොවිඩ් රෝගීන්ට නේවාසික ආයුර්වේද ප්‍රතිකාර කිරීම සඳහා නාවින්න ආයුර්වේද රෝහලේ විශේෂ ඒකකයක් ආරම්භ කිරීමට දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම ඒකකයට ඇතුළත් වන රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාරයන්ට අමතරව කායික මෙන්ම මානසික සුවය සලසාදීම සඳහා සංගීත චිකිත්සාව, යෝග අභ්‍යාස මෙන්ම මානසික ඒකග්‍රතාවය සුරැකෙන රසාස්වාදන ලබාදීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි සඳහන් කරයි.
කොවිඩ් රෝග මර්දනය සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් නිර්දේශ කර තිබෙන ප්‍රතිකර්ම, කොවිඩ් රෝගීන් සඳහා ලබාදීම අරමුණ වී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කරයි.
ශ්‍රියානි විජේසිංහ
