කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට පුද්ගලික රෝහල් අවස්ථාව ඉල්ලයි
කොවිඩ් රෝගීන් සඳහා එම රෝගීන් කැමතිනම් පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස වෛද්‍ය විශේෂඥයින් ඉල්ලීමක් කර තිබේ.
වෛද්‍ය විශේෂඥයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ඊයේ (03)දිනයේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී එම ඉල්ලීම කර තිබේ.
පුද්ගලික අංශයේ ප්‍රතිකාර ලබාගැනීමට ආසාදිත පුද්ගලයින් කැමතිනම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බවත් එමගින් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇති තදබදය අඩු කරගත හැකි බවත් ඒ ඔස්සේ අඩු ආදායම්ලාභී ආසාදිතයින්ට අවස්ථාව ලැබෙන බවද ඔවුන් පෙන්වා දී තිබේ.
ඒ පිළිබඳව කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායට, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට සහ අනෙකුත් බලධාරීන්ට දැනුම් දී තීරණයක් ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ.
විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, මහාචාර්ය අර්ජුන ද සිල්වා, මහාචාර්ය හේමන්ත දොඩම්පහළ, මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද, සහ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ එම හමුව සඳහා එක්වී තිබේ.
