News

කොවිඩ් වලට රජයේ රෝහලේදී දේශීය ඖෂධ ප්‍රතිකාර නැහැ

දේශීය වෛද්‍ය විද්‍යාවෙන් සොයා ගත් ඖෂධ වර්ග රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන් සඳහා ලබානොදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම ඖෂධ ලබාදෙන්නේ නම් පරීක්ෂණ මගින් ඔප්පු කර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහසයි. එමෙන්ම එම ඖෂධ ලබාදෙන මාත්‍රාව පිළිබඳවද ගැටලුවක් ඇති බව අමාත්‍යාංශය කියා සිටියි.

කෙසේ වෙතත් සෞඛ්‍ය, අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවැසුවේ දේශීය වෛද්‍ය ක්‍රම යැයි සමාජ මාධ්‍යයේ පළවන ප්‍රතිකාර ක්‍රමවේද පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. නමුත් කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කළ හැකි බව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

උදයජීව ඒකනායක

 

සබැඳි පුවතක් ..

කෝවිඩි නසන්න දේශීය ඖෂධයක් බටහිර රෝහල්වල දෙන්න තීන්දු කරයි – https://bit.ly/3jy28vD

ඉඟුරු කොත්තමල්ලි කොවිඩ් මඩින්න පෙරමුණ ගනීද – https://bit.ly/3e5s28Z