කොවිඩ් වලින් ආරක්ෂිතම රටවල් මෙන්න
ලෝක ප්‍රකට ෆෝබ්ස්(Forbes)සඟරාව විසින් නම් කළ ලෝකයෙ කෝවිඩ් 19 රෝගයෙන් ආරක්ෂිතම රටවල් 100ක් එලි දක්වා තිබේ.
එම රටවල් 100 අතරින් ශ්‍රී ලංකාව 92වැනි ස්ථානයට පත් වී ඇත.
ඔවුන් නවතම සටහන අනුව කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂිතම රටවල් වල පළමු ස්ථානයට ජර්මනිය නම්ව තිබේ.ඉන් අනතුරුව නවසීලන්තය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය පසුවෙයි.
මෙම සටහන අනුව දැනට කෝවිඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වන ඉන්දියාව 80 වැනි ස්ථානයටත්, ලෝකයේ වැඩිම මරණ වාර්තා වී ඇති ඇමෙරිකාව 55 වැනි ස්ථනායට පත්ව තිබේ.
එසේම තවත් කොවිඩ් ආසාදිතයන් වැඩියෙන්ම වාර්තා වන රටක් වන බ්‍රසීල 66 වැනි ස්ථානයට නම්ව තිබේ.
වෛද්‍ය, ආර්ථික, දේශපාලන වැනි කරුණු සළකමින් ඔවුන් මෙම ගණනය කිරීම සිදුකර ඇති තිබේ.
කොවිඩ් වලින් ආරක්ෂිතම රටවල් 10
01.ජර්මනිය
02.නවසීලන්තය
03.දකුණු කොරියාව
04.ස්විට්සර්ලන්තය
05.ජපානය
06.ඔස්ට්‍රේලියාව
07.චීනය
08.ඔස්ට්‍රියාව
09.එක්සත් අරාබි එමීර් රාජ්‍යය
10.සිංගප්පූරුව

