කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් තැපෑල ගත් තීරණ දෙක
කොවිඩ්-19 වසංගතය දැඩි ලෙස ව්‍යාප්තව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු ලබන 17 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.
එමෙන්ම කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුව පාරිභෝගික සේවා සැපයීම ද ලබන 17 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුව ඔස්සේ ව්‍යාපාරික තැපැල් සේවා ලබාගන්නා ආයතනයන්හි තැපැල් භාණ්ඩ තැපෑලට යොමු කිරීම සදහා අධිකාරි (වාණිජ) අමතා සුදුසු වේලාවන් වෙන් කරවා ගෙන එම කටයුතු සිදුකළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවයන් පිළිබදව තැපැල් දෙපාර්තමේන්තුව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියි.
