News

කොවිඩ් හමුවේ මානසික ගැටලු 3ක්

කොවිඩ් වැලඳීමෙන් හා මියයාමේ සම්භාවිතාව 0.24%ක් වුවත්, කොවිඩ් නිසා ජනතාව පොදු මානසික ගැටලු තුනකට මුහුණ පා ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය මහේෂ් රාජසූරිය පැවැසීය.

“කොවිඩ් වැලඳුණොත් මට ඊළඟට මොකක් වෙයිද?’, ‘මගේ හිතවතුන්ට මගෙන් කොවිඩ් බෝවෙලා ඔවුන් මියයයිද” යන්න එහි ප්‍රධානම මානසික ගැටලු දෙක වන බවත්, මේ බිය නිවැරැදි දිශාවට යොමුකරගෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කළහොත් රෝගයෙන් වැලකීමේ උපරිම ජවය ගත හැකි බවත් වෛද්‍ය රාජසූරිය කියයි. එමෙන්ම

‘Lost of control’ එනම් ‘මට මගේ ජීවිතය ගැන තියෙන පාලනය මගෙන් ගිලිහෙයිද?’ යන්න තුන් වැනි බිය වන බවත්, එයට පිළිතුරු සැපයීම සංකීර්ණ බවත් වෛද්‍යවරයා කියා සිටී.

කෙසේ වුවද ජනතාව මේ අවස්ථාවේ කොවිඩ් වැළැක්වීම උදෙසා වූ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම නිවැරැදි ලෙස භාවිත කිරීම වැදගත් බවත් රෝගය පිළිබඳ අනිසි බියක් ඇතිකර ගැනීම සුදුසු නොවන බවත් ඔහුගේ අදහසයි.

ලක්මාල් බෝගහවත්ත