කොවිඩ්-19 ආසාදනය වූ 18ක් පූර්ණ සුවය ලබයි
මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 18දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1619 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2019ක් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
ඉන් 380දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.
