News

කොවිඩ්-19 නිසා තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 53ක් දිවයිනට

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මොවුන් පිරිස දිවයිනට පැමිණි බවයි.

මෙලෙස පැමිණි පිරිස අතර, වැඩිහිටි පුද්ගලයින් 51දෙනෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකු ද වේ.

මොවුන් සියලුදෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර තිබේ.