News

කොවිඩ්-19 මැඩපැවැත්වීමට රුසියාවෙන් එන්නතක්

කොවිඩ්-19 වෛරසය මැඩපැවැත්වීමට හැකි එන්නතක් රුසියාවේ මොස්කව් හි සමාගමක් විසින් නිපදවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් විසින් තමන්ගේ දියණියක දැනටමත් මෙම කොරෝනා ප්‍රතිරෝධී ඖෂධය එන්නත් කරගෙන ඇති බවයි.

මාස දෙකක කාලයක් මෙම එන්නත් පරීක්ෂණ සදහා යොදාගත් අතර, එහිදී එම එන්නත කාර්යක්ෂම බව ඔප්පු වී තිබේ.

මෙම එන්නත ලබාගත් තම දියණිය මේ වන විට ඉතාමත් සුවයෙන් පසුවන බවද පුටීන් සදහන් කර ඇත.

ඒ අනුව කොරෝනා වෛරසය ප්‍රතිරෝධී එන්නතක් ලියාපදිංචි කළ පළමු රට ලෙස රුසියාව පත්ව තිබේ.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියත් සමග මේ වන විට ලොව පුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 2ක ඉක්මවා ඇත.

මෙම වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 7කට අධික වේ.