News

කොවිඩ් 37කට සුවයි

කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 37දෙනෙකු සුවය ලබා ඇත. එම පිරිස රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ අනුව, මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,440ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුව වූ පිරිස අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි පුද්ගලයින් 14ක්, වැලිකන්ද මුලික රෝහලේ සිටි 17දෙනෙකු සහ තෙල්දෙනිය මුලික රෝහලේ සිටි 6දෙනෙකු ඇතුලත් වේ.

මේ අනුව මෙරට දී හඳුනාගත් සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,585ක් වේ.

එමෙන්ම රෝගීන් 2,132ක් රෝහල් කිහිපයක මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.