කොළඹින් කොවිඩ් ආසාදිතයින් සොයාගත් ප්‍රදේශ මෙන්න
හඳුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් 147 දෙනෙකුම ඊයේ (22) දිනයේ හඳුනා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ඊයේ දිනයේ නව ආසාදිතයින් 309 දෙනෙකු හඳුනා ගැණුනු අතර ඉන් 188 දෙනෙකු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රයෙන් හමුවී ඇත.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු පිරිස වශයෙන් කොළඹ – 79 , කඩුවෙල – 06, දෙමටගොඩ – 15 ,මොරටුව – 03, කොටහේන – 04,වැල්ලම්පිටිය -09 දෙනෙක් වාර්තා වේ.
මීට අමතරව ඊයේ දිනට පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් වශයෙන් කොළඹ – 14 ,කොටහේන -07,මුල්ලේරියාව -04 ,ග්‍රෑන්ඩ්පාස් -04 ,බ්ලුමෙන්ඩල් -01,දෙහිවල -01 වාර්තා වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් වශයෙන් ගම්පහ -08,වත්තල -02 ,රාගම -01,මිනුවන්ගොඩ -14, දිවුලපිටිය -05, කටුනායක -10 වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වී ඇත.
