කොළඹ කොටස් හුවමාරුව අද සිට
කොළඹ කොටස් හුවමාරුව අද සිට (11 වැනිදා) සිය කටයුතු ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අඛණ්ඩව දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසු කොළඹ කොටස් හුවමාරුව මෙහෙයුම් නවතා දමා තිබිණි.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් හුවමාරුව කියා සිටියේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතනවල වැඩ කටයුතු අද (11වැනිදා) සිට නැවත ආරම්භ කිරීමට රජය ගත් තීරණයට අනුකූලව සිය මෙහෙයුම් නැවත ආරම්භ කරන බවයි. ඒ අනුව පෙර විවෘත සැසිය සමග පෙරවරු 10.30 සිට 11.00 දක්වා වෙළෙඳාම නැවත ආරම්භ වන බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව පවසයි.පෙරවරු 10.00ට ආරම්භ කරන
කොටස් වෙළඳපොළ ප.ව. 1.00 ට අවසන් වන බව කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කරයි.
නයන තරංග ගමගේ
