News

කොළඹ දිසා සහ මහාධිකරණ කටයුතු 04 වැනිදා සිට

කොළඹ මහාධිකරණවල සහ දිසා අධිකරණවල නඩු කටයුතු මැයි මස 04 වැනිදා යළි ඇරඹීමට සැලසුම් කර ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

දැනට පවත්නා ඇඳිරි නීති සහ අඟුළු දැමීමේ තත්ත්වයන් සලකා බලමින් එම අධිකරණවල කටයුතු අත්හිටුවීමට සිදුවූ බව එම කොමිෂන් සභාව පවසයි. මේ අතර අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන සැකකරුවන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අඛණ්ඩව ඉදිරිපත් කෙරෙන බවද අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දෙයි. අනෙකුත් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක අධිකරණ කටයුතු දැනට නිකුත් කර ඇති නියෝගවලට අනකූලව නොවනස්ව සිදුවන බවද කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

නයන තරංග ගමගේ