News

කොළඹ හුදෙකළා ප්‍රදේශ වලට නිවේදනයක්

කොළඹ ප්‍රදේශයේ හුදෙකළා කළ බවට ප්‍රකාශයට පත්කර ඇති මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය පොලිස් වසම්වල පිහිටා ඇති BOI සහ EDB කර්මාන්ත ශාලා, අධිකරණ, අත්‍යාවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය සහ මාර්ගෝපදේශ යටතේ හෙට අලුයම 5 සිට පවත්වාගෙන යා හැකි බව නිවේදනය කර ඇත.

මේ බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.