News

කොළඹ මහල් නිවාස කිහිපයක හුදකලාභාවය ඉවතට

මේ වන විට කොළඹ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය මේ මොහොතේ සිට ඉවත් කරනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ සෙවණ, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, ග්‍රෑන්ඩ්පාස් සමගිපුර හා දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ හුදකලාභාවයෙන් ඉවත් කෙරේ.

මේ සමගම මහල් නිවාස වල හුදකාල කර සිටි ජනතාවගෙන් බහුතරයක් පමණ හුදකලා බවින් නිදහස් වන බවත් අදාළ නිවාස සංකීර්ණයන්හි සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ නිම කිරීමෙන් ලද ප්‍රතිපල මත පදනම්ව මෙම තීරණය ගෙන ඇති බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි