News

කොළඹ වරායේ යලිත් විරෝධතාවක්

කොළඹ වරායේ අද(22) සිට නැවතත් වැඩවර්ජනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෘතීය සමිති සඳහන් කරයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය විසින් ආරම්භ කරන්නැයි බලකරමින් එම විරෝධතාව පවත්වන බව වාර්ථා වෙයි.

අද(22) දහවල් 12.00 සිට වරාය චෛත්‍ය ඉදිරියේ සිට මෙම විරෝධතා ආරම්භ කරන බවත් ඒ සඳහා වරාය වෘත්තීය සමිති 23ක් එක්වන බවත් වරාය ස්වාධීන වරාය සේවා වෘත්තීය සමිති සභාපති ලාල් බෙංගමුවගේ මහතා පවසයි.

අද සිට වරායේ කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.