News

කෝටි 800ක් වටිනා මැණික් බුදු පිළිමේ විකුණන්න ගිහින්

රුපියල් ​කෝටි අටසියයක් වටිනා නිල් මැණික් බුදුපිළිමයක් අලෙවි කිරීමට තැත් කරන අවස්ථාවේ පොලිසිය පනිද්දී පලාගිය සැකකරු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල පීල්ලවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස්හයක් වන පුද්ගලයෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මොනරාගල පොලිසිය වෙත භාරදී ඇත.

ජයන්ත වීරසේකර-වැල්ලවාය