කෝවිඩ් අවදානම තවදුරටත්
ඕනෑම අවස්ථාවක සමාජයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් හමුවීමේ ඉඩකඩ පවතින බැවින් සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.
එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ දැනට වාර්තා වන ආසාදිතයන් සියලුදෙනා නිරෝධායනයට ලක්ව සිටින අය අතරින් හඳුනාගෙන ඇති නිසා වෛරසය පාලනය කළ තත්ත්වයක් මෙරට පවතින බවය.
අද (26) පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව පැවසීය.
