News

කෝවිඩ් ණය ගන්න නව අයදුම්පත් 3985 ක්

පුනුරුද සහන ණය පහසුකම යටතේ අයදුම්පත් 3985 ක් සඳහා මහ බැංකුව විසින් රුපියල් මිලියන 11829 ක මුදලක් අනුමත කර තිඛේ.

පසුගිය සතිය තුලදී වාණිජ බැංකු විසින් එවන ලද අයදුම්පත් සඳහා අදාල මුදල් ලබා දීමට මෙලෙස මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇත.

මෙම ණය පහසුකම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති සමස්ත ණය අයදුම්පත් සංඛ්‍යාව 26 291 ක්.

ඒ සඳහා රුපියල් මිලියන 72079 ක් වෙන් කර තිඛේ.