News

ගංජා, කහ, ඩොලර්, රුපියල් සහ වාහන සමග 4ක් මාට්ටු

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු කේරළ ගංජා, කහ සහ ඇමෙරිකානු ඩොලර් මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

යුධ හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරක් මත අද (15) අලුයම පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදා සාමාජිකයින් ඒකාබද්දව පුදුකුඩිඉරිප්පු උයිලන්කුලම ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකළ බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ 52ක්, කහ කිලෝ 920ක්, රුපියල් 1,725,000ක්, ඇමෙරිකානු ඩොලර් 100යේ නෝට්ටු 5ක්, ලොරි රථයක්, ටේලරයක් සහ ට්‍රැක්ටර් රථයක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.