News

ගන්දර ධීවර වරායේ වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර

නව ධීවර වරායන් ඉදිකිරීමේ වැඩ සටහන් මාලාව යටතේ ගන්දර වරායේ වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව කංචන විජේසේකර මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ සිය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු ප්‍රථම වරට දෙවි නුවර පුදබිමට පැමිණ අද (18) ආගමික වතාවත් වලට සහභාගී වීමෙන් අනතුරුවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගන්දර ධිවර වරායේ වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවත් දෙවිනුවර පුරාණවැල්ල ධිවර වරාය හරිත වරායක් ලෙස සංවර්ධනය කරන බවත් ප්‍රකාශ කළා .

තවද උතුරු ප්‍රදේශයේ සිට සියළුම ධිවර වරායවල්වල සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවට පැවසු බව වාර්තා වේ .