News

ගබ්සා සිදුකළ හොර වෙදෙක් නිට්ටඹුවේදී කොටු

නිට්ටඹුව නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෛද්‍යවරයකු ලෙස පෙනී සිටී ගබ්සා සිදුකළ අය නිට්ටඹුව පොලිසිය විසින් ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

සතියක් තුළදී ගබ්සා 40ක් පමණ ඔහු විසින් සිදුකර ඇති බවද අනාවරණය වී ඇත. සැකකරු සතුව තිබී ගබ්සා සිදුකිරීමට යොදාගන්නා උපකරණ රැසක් හා බෙහෙත් වර්ග තොගයක්ද සොයාගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන එන විට ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරියකද පැමිණ සිටි බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

නිට්ටඹුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.