ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00ට සිට පොලිස් ඇඳිරි නීතිය
අද (06) පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
යළි දැනුම් දෙන තුරු එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මේ වන විට මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

