News

ඇඟලුම් සේවිකාවන්ට බෙහෙත් කළ ඩොක්ටර්ටත් කොරෝනා

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්ථා වෙයි.

මේ වන විට ආසාදිත වෛද්‍යවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එඩ් රෝහල් වෙත යැවීමට පියවර ගෙන ඇති බව ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසීය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිපදෙනෙකුට මෙම වෛද්‍යවරයා ඔහුගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් එම සේවිකාවන්ට ප්‍රතිකාර ලබා දී ඇති බව අනාවරණය වී ඇත.