News

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යයාලයේ ගුරුවරියකගේ සැමියාට කොවිඩ් ආසාදිතයි

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ගුරුවරියකගේ ස්වාමිපුරුෂයාට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙන අතර පාසල විෂබීජහරණයකර නිශ්චිත සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට පියවර ගෙන තිබේ. මේ බව ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනි සන්ධ්‍යා පතිරණවසම් මහත්මිය සඳහන් කර තිබේ.

එසේම පාසැල විෂබීජහරණයට ලක්කර ඇති අතර එම ගුරුවරිය ආශ්‍රිතව සිටි ගුරුවරු කිහිපදෙනාටම නිවසේ රැඳෙන්නට උපදෙස් දී ඇති බවද වාර්තා වනවා.

තවද පාසල සියලු ඉගැන්වීම් කටයුතු සඳහා සුරක්ෂිත බවත් දරුවන්ගේ පැමිණීමේ අඩුවක් ඇති නමුත් දරුවන්ට ඉගැන්වීමේ කටයුතු කළහැකි බවත් සඳහන් කර ඇත.