News

ගෑස් මිල ඉහළ නංවන්නේ නෑ

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කිසිදු ආකාරයකින් ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් පාර්ශව විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට ආසන්න මුදලකින් ඉහළ නැංවිමේ සුදානමක් පවතින බවට පලවන වාර්ථා සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බව ද එම අධිකාරිය සදහන් කළේය.

මේ දක්වා කිසිදු සමාගමක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලිමක්ද සිදුකර නොමැති බව පාරිභොගික සේවා අධිකාරිය සදහන් කළේය.