News

ගිණි අවි සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ගිණි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි නීල් අරුණ ප්‍රනාන්දුපුල්ලේ නැමැත්තෙකුයි.

සැකකරු සන්තකයේ තිබී රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 10 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඔහුගේ නිවස පරීක්ෂා කිරිමේදී සේප්පුවක තිබී තවත් ජීව උණ්ඩ 16 ක් හිස් පතුරොම් කොපු 05 ක් / කුවිතාන්සියක් නොමැති විදේශිය රටක නිෂ්පාදිත වායු රයිෆල් 02 ක් හමුවී තිඛේ. කොච්චිකඩේ පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන මෙහෙයවයි.