ගිනි ගත් නැවේ කාර්ය මණ්ඩලයේ 20ක් හම්බන්තොට වරායට
“MT New Diamond“ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20ක් හම්බන්තොට වරාය වෙත ගෙනවිත් තිබේ.
ඔවුන් අද (08) පස්වරුවේ හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පවසනවා.
තවද නෞකාවේ හටගෙන ඇති ගින්න සැලකිය යුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ බව ගුවන් හමුදාව පවසනවා.
මෙම ක්‍රියාන්විතය සඳහා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ඉන්දීය වෙරළ අරක්ෂක දෙපාර්තමේන්තුව අනෙකුත් පාර්ශවයන් හා එක්ව ගින්න සැලකිය යුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.
“MT New Diamond“ තෙල් නැව මේ වන විට ස්ථානගතව පවතින්නේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 28 ක් දුරින්. එනම් කිලෝමීටර 51ක් පමණ දුරින් ගැඹුරු මුහුදේයි.
