ගිනි ගත් නැව අසල ජල සාම්පල ලබාගනී
ආපදාවට ලක්ව ඇති “MT New Diamond“ නෞකාව ආසන්නයෙන් ලබා ගත් මුහුදු ජල සාම්පල පරීක්ෂණ සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට බාර දී තිබේ.
නාවික සැතපුම් 50ක් පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ආරක්ෂිතව මෙම අනතුරට පත් නෞකාව රදවා ඇති අතර නෞකාව අයත් ගැලවුම්කාර සමාගමේ විශේෂඥයින් අද (10) දිනයේ ද නෞකාව නිරික්ෂණය කරමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.
කිමිදුම්කරුවන් යොදවා නෞකාවේ තත්ත්වය නිරික්ෂණය කිරීමට සැලසුම් කර තිබුණ ද මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් එම කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුව ඇත.
