News

ගිනි ගන්නා නැවේ තුවාල ලැබුවෙක් බේරා ගැනේ

ගිනිගනිමින් පවතින තෙල් නැවේ සිටි තුවාල ලැබු නාවිකයෙක් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගෙන තිබේ.

මේ වන විට ගිනි ගනිමින් පවතින නෞකාවේ සිටි කාර්යය මණ්ඩලයේ 18 දෙනෙක් වෙනත් නෞකාවකින් බේරා ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක අද (03) උදෑසන 7.45ට පමණ ගින්නක් හටගෙන තිබේ.

පැනමා රාජ්‍යයට අයත් “MT NEW DIAMOND“ නම් වූ නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේය.

මේ වන විටත් නාවික හමුදා යාත්‍රා 3 ක් අදාළ ස්ථානයට ළඟා වී ඇති බවත් නෞකාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණයට බීච් ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානයක් පිටත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් තුෂාන් විජේසිංහ මහතා සඳහන් කරයි.