News

ගිය සතියේ සති අග අරුණ බැලුව නම් බන්ධනාගාර නිලධාරීන් නිල ඇඳුම් අඳින්නෑ

බන්ධනාගාරවල සිදු කෙරෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සති අග අරුණ පසුගිය කලාපයේ ලිපියක් පළ කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය ගැන පුද්ගලයන් සිය ගණනක් ඇමතුම් දෙමින් තමාගෙන් ප්‍රශ්න කරන බවත් එම ලිපිය නොකියවූ බන්ධනාගාර නිලධාරීන්ට එය කියවන ලෙසත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දැනුවත් කිරීමට කොළඹදී පැවැති වැඩසටහනකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා මෙසේද පැවසීය.

‘‘ඔබ බන්ධනාගාර නිලධාරියෙක් විදියට පසුගිය සතියේ සති අග අරුණ පුවත්පත කියෙව්වනම් නිල ඇඳුම අඳිද්දි දෙපාරක් හිතනවා. මම මෙය ඇඳිය යුතුද නැද්ද කියලා. සති අග අරුණ පුවත්පතේ එවැනි ලිපියක් ආයෙත් ජීවිතයටවත් අපේ ඇස්වලට දකින්නට නොලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එසේ ලිපියක් පළවීම පුවත්පතේ වැරැද්දක් නොවෙයි. එය පුවත්පතේ යුතුකමක්.

හේමන්ත ලියනපතිරණ