News

ගුවන් තොටුපොළ පිරිසිදු කිරීමේ සේවිකාවකට කොවිඩ්

කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ කටයුතු වල නියැලී සිටි පෞද්ගලික ආයතනයක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් වන මෙම ආසාදිතයා සිය නිවසේ සිට දිනපතා ගුවන් තොටුපළ දිනපතා නිවසේ සිට රාජකාරියට පැමිණි කාන්තාවක් තිබේ.

ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඇය ප්‍රතිකාර සදහා වතුපිටිවල රෝහලට යොමු කර තිබේ.

ඇය සමග සේවය කළ තවත් 10 දෙනෙකු ද අද දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන් අනතුරුව සිය නිවෙස්වල නිරෝධායනයට යොමුකර තිබේ.