ගුවන් හමුදා ඉතිහාසයම උඩුයටිකුරු කළ සිදුවීමක් අද උදේ වෙලා
වසර 69ක ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට අද (16) නිලධාරිනියන් දෙදෙනෙක් ගුවන් නියමුවරියන් ලෙස අධිකාරීත්ව ලබා තිබේ.
ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේ පැවති ගුවන් හමුදා නිලධාරීන් විසිර යාමේ උත්සවයේදී ඔවුන් දෙදෙනාට පියාසර නිල ලාංඡන පැළඳවීම සිදු විය.
නව ගුවන් නියමුවරියන් දෙදෙනා සැහැල්ලු ගුවන් යානා නියමුවරියන් ලෙස ගුවන් හමුදාවට එක් වන බව ගුවන් හමුදා මූලස්ථානය දන්වා සිටී.
ඊට අමතරව, ප්‍රථම වරට කැඩෙට් නිලධාරිනියක් සෑම අතින් ම දක්ෂත ම කැඩෙට් නිලධාරිනියට හිමි රන් අසිපතින් පිදුම් ලැබීම (Sword of Honor) සහ ප්‍රථම වරට ජනාධිපති වර්ණධජ සමන්විත විසිර යාමේ පෙළපාලියක් සඳහා කාන්තා නිලධාරීවරියක් අණ දීම ද මෙම විසිර යාමේ උත්සවයේ දී සිදු විය.


