ගොකරැල්ලේ හොර නෝට්ටු ජාවාරමක් වටලයි
ගොකරැල්ල ගල්සේරුගොල්ලේදී පොලීසිය රුපියල් 5000 ව්යාජ මුදල් නෝට්ටු 100 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ඊයේ (15) සවස 6.25ට පමණ වැටලීම සිදුකර තිබුණි.
නෝට්ටු තොගය සමග මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, සහ 23ක් වූ දෙහිඅත්තකණ්ඩිය සහ දොඩම්ගස්ලන්ද ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සදහන් කරයි.
