News

ඝාණ්ඨාර ලණුවේ සිරවී සිසුවෙක් මියගිහින්

ඝාණ්ඨාර ලනුවක ගෙල සිරවීමෙන් පාසල් සිසුවකු අද (11) දින ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙලස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අට හැවිරිදි පිරිමි දරුවෙක් වන බව නොර්වුඩ් පොලිසිය සඳහන් කරනවා.

සිසුවා ඝාණ්ඨාර ලණුවේ එල්ලී සෙල්ලම් කරමින් සිට ඇති අතර ලණුව ගෙල ප්‍රදේශයේ සිරවී එල්ලෙමින් සිටියදී වතු අධිකාරිවරයා දැක සිසුවා ඉන් මුදාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

මියගිය සිසුවාගේ සිරුර මේවන විට මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.