ඡන්ද විමසීම සාමකාමීයි
මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට සාමකාමීව පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක ඡන්ද විමසීම් කටයුතු සිදුකෙරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
අද උදෑසන 07.00 ට ආරම්භ වන ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.
මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසුපහකි.
