News

ජනක රණවක විපක්ෂයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට තරඟ කළ, එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති ජනක රණවක ඇතුළු එම පෙරමුණ සමගි ජන බලවේගය සමග එක් වීමට තීන්දු කර ඇත. ඒ අනුව ජනක රණවක ඊයේ (09 වැනිදා) විපක්ෂ නායකවරයා හමුවී සමගි ජන බලවේගයට සහය පළ කරන බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම් ලෙසද කටයුතු කළ ජනක රණවක කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කළේය.

ශ්‍රීලනිපය මුල්කරගෙන දේශපාලනය ආරම්භ කළ රණවක මහතා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගකොට මනාප 31683ක් ලබා ගත්තේය.

නයන තරංග ගමගේ