News

ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඇමරිකානු නව ජනාධිපතිට සුබ පැතුම්

ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර ඇත.

තම ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවේ 46වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වු ජෝ බයිඩන්ට සුබ පැතුම් පණිවුඩයක් පළකර තිබේ.

ඇමරිකානු නව ජනාධිපතිවරයා සමඟ සමග සමීපව කටයුතු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත.

තවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්වු ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති ධුරයට පත්වීමට නියමිත කමලා හැරිස් වෙත ට්ව්ටර් ඔස්සේ සුබ පැතුම් පණිවුඩයක් පළකර තිබේ.