News

Update : දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය තුළ අවසන් කරන බව ජනපති කියයි

රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ජනාධිපතිතුමා පවසනවා. ඒ රට, ජනතාව සහ මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.

මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළේ තමා නොවන අතර රට විනාශ මුඛයට ඇඳගෙන ගිය එක්සත් ජාතික පක්ෂ නායකයා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අදුරදර්ශී වැඩපිළිවෙළ නිමා කර රට ගොඩනැංවීමේ පුණ්‍යකර්මයට දායකවන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ සහ නායකයන් වෙත සාමයේ දෑත් දිගු කරන බව ද ප‍්‍රකාශ කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (04) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමින්.

“තීරණය රට වෙනුවෙන්” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සම්මේලනයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිහු විශාල පිරිසක් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අන්ත ලිබරල්වාදී දේශපාලන දර්ශනය රට විනාශ කළා පමණක් නොව යහපාලන සංකල්පය ද අමු අමුවේ ඝාතනය කර දැමූ බවයි. එම ප‍්‍රතිපත්ති හමුවේ ප‍්‍රබුද්ධ දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව තමන්ට ද අනිටු විපාකවලට මුහුණදීමට සිදුවූ බව සඳහන් කළ ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ හමුවේ තමාට ලබාදිය හැකිව තිබූ එකම පිළිතුර ඔහු අගමැති ධූරයෙන් ඉවත් කර දැමීම බව ද කියා සිටියා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සැමදා විශ්වාසය තබා ඇත්තේ මේ රටේ ජනතාව පිළිබඳව බව පැවසූ ජනාධිපතිවරයා රට විනාශ කරන අන්ත ලිබරල්වාදී දේශපාලන වැඩපිළිවෙළ පරාජය කළ හැකි එකම දේශමාමක, මානවවාදී දේශපාලන පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යා යුතු බවත් අවධාරණය කළා.

————————————————————————————————————————————-

ජනපති නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව අමතයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වන විට විශේෂ කතාවක් සිදුකරමින් සිටිනවා.

මෙම සමුළුව මේ වන විට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය සජීව විකාශය

Posted by Sri Lanka Freedom Party on Tuesday, December 4, 2018