News

පාර්ලිමේන්තුව

ජනපති පාර්ලිමේන්තුව විසිරුවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2)(ඇ) අනු ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (5) වන අනුව්‍යවස්ථාව යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට සඳහන් වනවා.

එමෙන්ම 2019 වසරේ ජනවාරි මස 17 වැනි දින අභිනව නව පාර්ලිමේන්තුව රැස්වීමට මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් නියෝග කර තිබෙනවා.

ඒ අනුව මහ මැතිවරණය 2019 වසරේ ජනවාරි මස 5 වැනි දින පැවැත්වීමට ද නියමිතයි.