ජනපති පොහොට්ටුවේ ප්රචාරක කටයුතු අනුරාධපුරයෙන් අරඹයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (3)අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණි.
මෙම වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවඳින අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු අපේක්ෂකයින් මුණගැසීමට සැලසුම් කර තිබෙන අතර ප්‍රථමයෙන් අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා තලාව ඊරියගම වැව අසල තම්මැන්නාව නිදහස් උයනේදි මුණගැසුණි.
එම ස්ථානයට රැස්ව සිටි ජනතාවගේ ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයා සිය අවධානය යොමු කල අතර මෙහිදී තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ප්‍රජාව විසින් කොවිඩ් අරමුදල සඳහා ජනාධිපතිවරයා වෙත මුල්‍ය පරිත්‍යාගයක්ද සිදු කළේය.
