News

Update : පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනපතිගේ ගැසට් නිවේදනයට අදාළ පෙත්සම් විභාගයට ගැනීම ඇරඹෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනපතිගේ ගැසට් නිවේදනයට අදාළ පෙත්සම් විභායට ගැනීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.

—————————————————————————————————————————————–

ජනපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අද සිට විභාගයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සිට විභාගයට ගැනීමට නියමිත තිබෙනවා.

අගවිනිසුරු නලින් පෙරේරා, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා මූර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම අද සිට දින තුනක කාලයක් විභාගයට ගැනීමට නියමිතයි.

පසුගිය 9 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනය නිකුත් කළා.

අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන 13 ක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබුවා.

එම පෙත්සම් මෙන්ම එම පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස සම්බන්ධ වූ උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරීස් ඇතුළු පිරිසක් ගොනු කර ඇති අතරමැදි පෙත්සම් ද අද සිට විභාගයට ගැනීමට නියමිතයි.