ජනාධිපතිටත් ආරක්ෂාව දෙන්නේ අපි තමයි කියමින් මිරිහාන පොලිසිය තරුණ පිරිසකට දස වද දෙයි
පසුගිය 5 වැනිදා නුගේගොඩ පදිංචි තරුණයින් පිරිසක් පොලිස් පහරදීමක් පිළිබඳ පැමිණිලි කිරීමට මිරිහාන පොලිසියට ගිය විට පොලිස් නිලධාරීන් පිරිසක් එක් වී අමානුෂික ලෙස පහර දී ඇත.
පහරකෑමට ලක් වූ තරුණයින් ගුවන් නියමුවන්, නාවික ඉංජිනේරුවන් හා විශ්විද්‍යාල ශිෂ්‍යන් වන අතර තරුණයින් තිදෙනකුගේ පියකු ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයකුද වේ.
රාත්‍රී 1.30 ට පමණ සිය දරුවන් අමාණුෂික ප්‍රහාරයකට ලක්වනවා යැයි ලැබුණු ආරංචිය මත මිරිහාන පොලිසියට යන විට මිරිහාන පොලිසියේ මූලස්තාන පොලිස් පරීක්ෂකගේ පූර්ණ අනුදැනුම මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිසියේ නිලධාරීන් සිය දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන අයුරු දුටු බවත් එය නවත්වන්නේ නැති නම් ජනාධිපතිවරයාට දන්වන බවත් කී විට ජනාධිපතිට ආරක්ෂාව දෙන්නේත් අපි තමයි යනුවෙන් වහසි කියමින් අකණ්ඩව තම දරුවන්ට පහර දුන් බව ඔහු කියයි.
පහර දී සති 2 කට ආසන්න කාලයක් ගත වී ඇතත් තමන්ට සාධාරණයක් ඉටු නොවුනු බව අදාල තරුණයින් හා මවු පියන් චෝදනා කරති.
පොලිසිය පහර දුන් අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
