News

ජපානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොවිඩ් 19 රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු අද (03දා) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන විශේෂ ගුවන් යානයෙන් ජපානයේ නරීටා සිට 7/03 දින අලුයම 3.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ශ්‍රී ලාංකිකයන් ජපානයේ රැකියා සදහා ගොස් සිටි පිරිසක් වන අතර සියලුම මගීන් කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කර ඇත.