News

ජ’පුර තාක්ෂණ පීඨය අගමැති අතින් විවෘත වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද(08දා) 10.00ට හෝමාගම පිටිපන තාක්ෂණ උද්‍යානයේ දී විවෘත කෙරේ.

හෝමාගම පිටිපන තාක්ෂණ උද්‍යානයේ අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක මෙම තාක්ෂණ පීඨය ඉදි කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 300ක් පමණ වේ.

මෙය මෙරට ඉදි වූ ප්‍රථම අංග සම්පූර්ණ තාක්ෂණ පීඨය වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන සහ තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග හා උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ යන අය මෙම අවස්ථාවට සහභාගි වෙති.