නවතම ප්‍රවෘත්ති

ජපුර රෝහලේ කෝටි 5ක විදුලි සෝපාන වංචාවක්

ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහලේ තට්ටු සංකිර්ණවල මිට පෙර සවිකර තිබු විදුලි සෝපාන පහක් ගලවා ඉවත්කර රුපියල් ලක්ෂ 550 වැය කර රෝහල්වලට නොගැලෙපෙන සාප්පු සංකිර්ණවලට සවිකරණ විදුලි සෝපාන සවිකිරිම නිසා රෝගින් හා රෝහල් කාර්ය්‍ය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙි.

ජපානයේ නිෂ්පාදිත හිතාජි වර්ගයේ තිබු විදුලි සෝපාන කිසිදු තත්ව පරික්ෂණයකින් තොරව ඉවත් කර තායිලන්තයේ නිෂ්පාදිත ම්ට්ෂුබිෂි වර්ගයේ විදුලි සෝපාන සවිකර ඇත.

මිට පෙර තිබු විදුලි සෝපානවල කෑම ටොලි 4ක් ඇතුල් කළ හැකි අතර අලුතෙන් සවිකර ඇති විදුලි සෝපානයක කෑම ටොලි දෙකක්වත් ඇතුල් කළ නොහැකි බව රෝහල් සේවකයින් පවසයි.

පැරණි තිබු සෝපාන සුදු යකඩවලින් සමන්විත වන අතර එම සෝපාන 5ම බර අනුව අලෙවි කර ඇත්තේ රුපියල් ලක්ෂ 7 1/2 කට බව වාර්තාවෙි.

එහෙත් එක් විදුලි සෝපානයක් සුදු යකඩ බර වටිනා කම අනුව ලක්ෂ 7 1/2කට අලෙවි කළ හැකි බව සේවයින් පවසයි