ජයග්‍රහණයේ ප්‍රතිඵල ලබන්න බලා ඉන්න ඕන-මෛත්‍රීපාල
“වෙහෙසකර අභියෝගක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි“ යනුවෙන් ඊයේ (13) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කළ හිටපු ජනපතිවරයා එහිදී මනාප ලැයිස්තුවේ පෙරමුණට පැමිණෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
කෙසේ නමුත් කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට අමාත්‍යධුරයක් හිමි නොවීය.

