ජර්මනියේ සිටි ලාංකිකයින් 236ක් දිවයිනට
ජර්මනියේ රැදී සිටි තවත් ශ්‍රි ලාංකිකයින් 236 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයක් මගින් අද මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
විදේශිය නෞකාවන්හි සේවය කළ සිවිල් නාවිකයින් පිරිසක් මෙලෙස පැමිණ තිබෙන අතර එම සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පෙර පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කිරීම සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබාගැනීම ද ගුවන්තොටුපොළේදීම සිදු කර ඇත.
