News

ජවිපෙ මැයි දින සැමරුම අන්තර්ජාලය ඔස්සේ

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ අන්තර්ජාලය ඔස්සේ සංකේතාත්මක මැයි දින සැමරුමක් හෙට (මැයි 01 දා) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතය. ජන ජීවිතවල ආරක්ෂාව තහවුරු කිරීමට, පීඩාවට පත් සැමට සහන සැලසීමට, ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතැබීමට ආණ්ඩුවට බල කරන රතු මැයි දිනය’ යන තේමාව ඔස්සේ ජවිපෙ මැයි දින සැමරුම බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ සිට සජීවීව මුහුණු පොත ඔස්සේ විකාශනය කෙරේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මෙහිදී දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.

අජිත් අලහකෝන්